Saturday, May 23, 2015







සමාජය හා පුද්ගලයා පිළිබඳ නව අරුත් සපයන කලාත්මක ගුණාංග ඔප් නංවන සිනමා භාවිතයක්ම නොවන බවයි. එසේම විනෝදාස්වාදයටම ඉඩ හසර සලසන සිනමා භාවිතයක්ම නොවන බවයි. මේ දෙ අංශයේම රුව ගුණ නිර්මාණශීලීව මුසුකර ගත් සිනමා භාවිතයක්ම වනු නොවන බවයි. සමාන්තර සිනමා භාවිතයක් වන බවයි. එතැන ඇත්තේ ඉහළ ප්‍රමිතියකි. ප්‍රේමරත්න බඳු සිනමාකරුවන් වැඩිදෙනකු ලාංකේය සිනමාව සතුව නොමැති බවත් මෙහිලා සඳහන් කළ යුතුය. ඔහුගේ හොඳම සගයා වන්නේ විජය ධර්ම ශ්‍රී යැයි විටෙක සිතේ. "සමාන්තර සිනමාව"ට බවට ටයිටස් තොටවත්ත, සුමිත්‍රා පීරිස්, උදයකාන්ත වර්ණසූරිය වැනි සිනමාකරුවන්, සිනමාකාරියන් පසුකාලීනව ඉන් මිදී වෙනත් අවස්ථා කරා ගිය බව සත්‍යයකි. ප්‍රේමරත්න දසක තුනක් තිස්සේ නොසැලී ස්වකීය ස්ථාවරය මතම රැඳී සිටීම ඔහුගේ පෞරුෂයේ වටිනාකමද කියාපාන්නකි